ඉදිකඩ යනු...

“වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජය නිවැරදි රසාස්වාදයකට යොමු කිරීමට සහ සිංහල සාහිත්‍ය පිලිබඳ නිවැරදි කියැවීමක් ඔවුන් තුල ඇති කිරීම සඳහා සිංහල සුභාවිත ගීත පදනම් කරගෙන දියත් කෙරෙන සුවි⁣ශේෂී චාරිකාවකි මේ. ගීතයක් වටා ගොනු වී ඇති සාහිත්‍යමය වටපිටාව සේම සමාජ විද්‍ය කරුණු කාරණාද ගවේෂණය කිරීම මේ තුලින් සිදු කෙරෙන තවත් විශේෂ කටයුත්තකි.
පැරණි සිංහල සුභාවිත ගීත සංරක්ෂණය කිරීම සහ නවක පරම්පරාව විසින් නිර්මාණය කරන හරවත් නිර්මාණවලට නිසි ඇගයීමක් ලබා දීම මෙහි තවත් අරමුණකි. එසේම , ඒ තුලින් අර්තවත් නිර්මාණ බිහි කිරීමට නවක පරම්පරාවට යම්කිසි උත්තේජනයක් ලබා දීම ද තවත් එක් අරමුණකි…
ශ්‍රී ලංකාව පුරා ‘ඉදිකඩ – ප්‍රසංග’ පවත්වා, ඒ තුලින් ජන සමාජය තුල මේ පිලිබඳව යම් ශක්‍යතාවයක් ඇති කිරීම මෙහි මූලිකම අපේක්ෂාවයි….”

“ඇත්තටම මේක ලොකු වගකීමක්. අනිත් පැත්තෙන් ලොකු අභියෝගයක්. මොකද අපි ඉලක්ක කරන්නේ විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව. ඒකත් සමාජ ජාලා හරහා සිදු කිරීම තමයි ලොකුම දේ. මොකද අපි දන්නවා, ගොඩක් දෙනා සමාජ ජාලා තුලින් හරවත්, තමන්ගෙ ජීවිතයට වටින දේවල් සොයා යන්නෙ හරි අඩුවෙන් කියලා..
අපි ආමන්ත්‍රණය කරන්නෙ අන්න ඒ අතරමංවීම අත්විඳින කොටසකට.
කොහොම වුණත් මීට කාලෙකට ඉහතදී ආරම්භ කරපු මේ වැඩකටයුත්ත මේ තරම් දුරක් රැගෙන එන්න මගේ ගමන් සඟයා, සහන් සමරසිංහ ලබා දෙන සහයෝගය වචනයකින් විස්තර කරන්න බෑ. ඇත්තටම ඔහු මහ දැවැන්ත කාර්‍යයභාරයක් ඉටු කරනවා. ඒ වගේම චින්තක මධුසංක සහෝදරයා, මතක් කරන්නම ඕන. “ඉදිකඩ” නාමය නිර්මාණය කලේ ඔහු…
අනිත් විශේෂම කෙනා අචිර විරංගන. ගීත විචාරයන්ට පෞද්ගලිකව මට උත්තේජනය ලබා දුන්නේ ඔහුයි…
ඉතින් අද අපේ මේ චාරිකාව අති සාර්ථක කර ගන්න ⁣තවත් බොහෝ අය කැප වුණා…
ඒ ආදරණීයයත්වයත් එක්ක, ලොකු ගමනක් යන්න තමයි අපේ අරමුණ…”

-ලක්ෂාන් මධුරංග-

“2019 දෙසැම්බර් 15 වන දින ත්‍රිකුණාමල මණ්ඩපයේ ශ්‍රවණාගරයේ වේදිකාව මත මුල් වරට දිගහැරුනු ඉදිකඩ අද වන විට අති විශාල දුරක් පැමිණ ඉවරයි…
ඉදිකඩ වැඩසටහනේ මූල භීජය පැලවන්නේ ත්‍රිකුණාමලය මන්ඩපයේ පිරිමි නේවාසිකාගාරයේ අංක 226 කාමරයෙන්…
ඒ ගීත වල නොදුටු පැතිකඩ සහ පසුබිම් කතා ගැන කියවුනු මධුරංගගේ රසවත් කතා වල ආභාශයෙන්. එදා ඒ අවස්තාවන් වල එකතුවූ මාගේ විශ්වවිද්‍යාල මිතුරන් හට මා මේ අවස්තාවෙ ස්තූති වන්ත වන්නේ සහ ආදරයෙන් සිහිපත් කරන්නේ මෙවන් සමාජ සත්කාරයකට පදනම දැමූවන් ඔවුන් වූ නිසයි. අදටත් ඔවුන් සියලු දෙනා ඉදිකඩ කාර්ය මණ්ඩලය ලෙස මධුරංග සහ මා පසුපසින් සිට දැවැන්ත මෙහෙවරක් කරමින් සිටී. ඉතින් ඉදිරියටත් අපට හැකි උපරිමයෙන් මේ වැඩසටහන නව මානයන් ඔස්සේ පතුරුවමින් ඉදිරියට ගෙන යාමට අපි දැඩි කැපවීමේන් ක්‍රියා කරන්නෙමු. එදා සිට අද දක්වා අපව ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටම ස්තූතියි.”

-සහන් සමරසිංහ-

Want to be a Contributor?