Lakshan Madhuranga Samarapura

idikada stage show madhuranga 2

සංගීතය යනු විශ්ව භාෂාවකි. ඒ සඳහා අයිතිය ප්‍රකාශ කල හැකි වෙත්තෝ නොවෙති. මක්නිසාද යත්, සංගීතය වනාහී සොබාදහමේ නිර්මිතයකි.

සංගීතය නම් විෂය දෙස බැලූ විට එය නොයෙක් ප්‍රභේදවලට බෙදා ඇති බව අපට පෙනේ. බටහිර සංගීතය, පෙරදිග සංගීතය, උත්තර භාරතීය, දක්ෂිණ භාරතීය රාගධාරි සංගීතය, අරාබි සංගීතය… මේ සා විශාල ගණනක් ඇත. විශ්ව භාෂාවක් වන සංගීතය මෙසේ බෙදීමකට ලක් වීම සඳහා ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ මේ ලෝකයේ සියලුම රටවල් එකම භූමි කොටසක නොපැවතීමයි. මහා සාගරයෙන් වට වූ දූපත් වශයෙන්, කොදෙව් වශයෙන්, මහද්වීපික වශයෙනුත් මේ ලෝකයේ රටවල් බෙදී පවතී. ඒවා තුල එකිනෙකට අනන්‍ය වූ සංස්කෘතික , දේශපාලන, ආගමික හා සාමාජීයය ලක්ෂණ පවතී. එනිසා ඒ තුල ඇති සංගීතමය ශානරයන්ද එකිනෙකට අනන්‍ය වූ ලක්ෂණ පෙන්වන බව දක්නට ඇත.

“ඉදිකඩ” ලෙස සන්නාමිකව දියත් කෙරෙන මේ සොඳුරු වැඩසටහන් පෙල තුලින් ලාංකීය සුභාවිත ගීතය සහ සංගීතය පිලිබඳව කතා බහ කරන්නේ ඉහත කී හේතු සාධකයන් නිසාමය.

ගීතයක් යනු තුන්පාද කනප්පුවකි. ගී පද රචනය, සංගීතය සහ ගායනය යනු ඒ කනප්පුවේ පාදයි. මෙහි එක් පාදයක් හෝ ⁣නොමැතිව ඉතිරි පාදවලට පැවැත්මක් නැත. ගී පද රචනයකට සංගීතය සහ ගායනය එකතු නොවන තැන තවදුරටත් එය ගීපද රචනයක් නොවේ. එය තවත් එක් නිසදැසක් හෝ වෙනයම් කාව්‍ය නිර්මාණයක් පමණකි. එනිසා ගීතයක් නිර්මාණය වීමට නම් මේ තුනම ⁣හොඳින් සංකලනය විය යුතුමය.

කිසියම් සංගීත නිර්මාණයක් තුලින් අපව, අප තුල පවතින සිතුවිල රාමුවට ගෝචරවන ලෙස අප විසින්ම තනා ගත් විජිතයකට අපව කැඳවාගෙන යනු ලබන අතර, ගීතයක ගී පද රචවයක් තුලින් අපේ මේ සිතුවිලි රාමුවේ වපසරිය පුළුල් කරවනු ලබයි. ඒ නිසා ගී පද රචනාවක භාෂාව නිසි ලෙස හැසිරවීම ඉතාමත්ම වැදගත් වේ. භාෂාව නිසි ලෙස භාවිත කිරීම සුභාවිතයයි. ” ඉදිකඩ ” මේ ඉටු කරනු ලබන්නේ එවැනි සුභාවිත ගීත නිර්මාණයන් තව තවත් සමාජ ගත් කිරීමට දායක වීමකි. නමුත් එය කිසි විටෙකවත් ඉතාමත්ම සුමට , පහසු කටයුත්තක් නොවේ.

නමුත් ” ඉදිකඩ ” කාර්‍යය මණ්ඩලයට පැහැදිලි දැක්මක් ඇත. තම වගකීම පිලිබඳව මනා අවබෝධයක් ද ඇත. අනාගතය පිලිබඳව පැහැදිලි සැලසුමක් ඇත.
අති ධාවනකාරී ගමන් පථයකට නොවැටී , ඉතා මධ්‍යස්ථව , ප්‍රවේසම්සහගතව ගමන් කිරීම ‘ ඉදිකඩ ‘ මෙතෙක් ලැබූ සාර්ථකත්වයේ රහසයි. ඉදිරියටත් එය එසේම වනු ඇත.

යුගයේ අවශ්‍යතාවයක් පිරිමසාලන මෙවැනි වූ උතුම් කාර්‍යයක කොටස් කරුවෙකු වීමට ලැබීම පෞද්ගලිකව මා ලැබූ මහා භාග්‍යයකි….

-ලක්ෂාන් මධුරංග සමරපුර –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *