R.J.Madhumal

madhumal

ඉඳිකඩ නුඹ නමින්…

“ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ රස මතක අවුස්සන හෘදයංගම ආමන්ත්‍රණය”

මම මේ විදිහට ඉඳිකඩ හඳුන්වමි..
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ – ත්‍රිකුණාමලය මණ්ඩපයේ, ව්‍යවහාරික විද්‍යා පීඨය සහෝදරත්වය
ශ්‍රී ලාංකීය රසික හදවත අමන්දානන්දයට පත්කරමින් ගෙන එන සංගීතමය චාරිකාව
“ඉඳිකඩ” යි..
පවතින කොරෝනා වසංගතය සමග කායිකව පමණක් නොව මානසිකවද පීඩා විඳින රසික සිත් සනසාලාමින්, නූතන සමාජ මාධ්‍ය ඉතාම යහපත් මාර්ගයක් ඔස්සේ යොදාගනිමින්, සෑම සිකුරාදාවකම රාත්‍රීයේ ඉඳිකඩ ලඟට ඔබට එකතු විය හැකියි..
ඇත්තටම ඉඳිකඩ කියන්නේ ඉතාම රසවත් ඒ වගේම හරවත් කාලෝචිත වැඩක්..
ඒ වගේමයි පහසු වැඩකුත් නෙමෙයි. නමුත් ඉඳිකඩ කාර්ය මණ්ඩලය මැනවින් එය කළමනාකරණය කරමින් අඛණ්ඩව කරගෙන යනු ලබයි..
මේ වන විට සාර්ථකව ඉදිකඩ පළමු අදියර අවසන් කර, ඉදිකඩ දෙවැනි අදියරත් ආරම්භ කර තිබේ..
තවත් වැදගත් කරුණ නම් ඔවුන් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ට ලැබෙන likes හෝ comments මත යැපෙනු නොලැබීමයි..
ඔවුන්ගේ චේතනාව පිරිසිදු නිසාවෙන් සහ සහෘද රසිකයින්ගේ ආශිර්වාදයෙන් ඔවුන් සාර්ථකව තමන්ගෙ ගමන යමින් සිටී..
ඉතින් හැමදාමත් ඉඳිකඩට ආශිර්වාද කරමි..
අහන් ඉඳිමි..
බලන් ඉඳිමි..
හැමදාමත් ආදරෙන්..
තව චිරාත් කාලයක් ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයට ඔබ කරන්නාවූ මේ මහගු සේවය අවශ්‍ය කරයි..
ඉතින් ඒ සඳහා ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි…
එපමණක් නොව ඉඳිකඩ දෙවන අදියර “ඉදිකඩ මා ඇසූ රස” ගෙන එන්නේ තවත් මහඟු අවස්ථාවකි. මන්දයත් ඉඳිකඩ රසික සංසදයට ඔවුන්ගේ සිත් ගත් සුභාවිත ගීතය සහ එහි රස මතකය අවුස්සන්නට, ගෙනහැර පාන්නට, අරුත් දක්වන්නට දෙන්නාවු අවස්ථාව යි. ඉතින් ඒ අවස්ථාවත් ඉතාමත් අගය කලයුතු වැඩ සටහනකි.
මා ද එහි කොටස්කරුවෙකු වීමට වාසනා කොට තිබුණි.. සමන් ලෙනින් මහතා ගායනා කරන, සුජීව හෙට්ටිතන්ත්‍රි මහතා රචනා කරන ලද, සුනිල් දයානන්ද කෝණාරයන් සංගීතවත් කළ සංහිඳේ දෙයියන්ගෙ පාමුල ගීතය ගැන කතා කරන්නට මට අවස්ථාව ලැබුණි.
ඉතින් ඒ වෙනුවෙන් මට ලැබුණු අවස්ථා වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය ඉඳිකඩට පුදකරමි.. හැමදාමත් ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් අවසාන වශයෙන් ඉඳිකඩට හැමදාමත් ජයෙන් ජය වේවා ප්‍රාර්ථනා කරමි.. හැමදාමත් ආදරෙන් එකතු වන බවට සිහිපත් කරමි.. එමෙන්ම මේ කියවන ඔබටත් සංවේදී හදවතින් ශ්‍රි ලාංකේය සුභාවිත ගීතයේ රස මතක විඳින්නට ඉඳිකඩ සමග එකතුවන ලෙසට ආදරෙන් ඉල්ලා සිටිමි..
ඒ මන්ද යත් ඉඳිකඩ වැඩ සටහනේ ඇති රසාත්මක සහ ගුණාත්මක බව නිසාමය..
තෙරුවන් සරණයි..

J.M.R.ජයසිංහ (RJ.මදුමාල් )
ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය,
ත්‍රිකුණාමල මණ්ඩපය ,
නැගෙනහිර විශ්වවිද්‍යාලය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *