About us
ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව අතර අභාවයට යන සුභාවිත ගීතය නැවතත් ඔවුන් අතර ප්‍රචලිත කිරීම තම මූලික අභිප්‍රාය කරගත් තරුණයන් කණ්ඩායමක් වන අප, වසරක් පුරාවට එම වගකීම ඉටු කිරීමට නිරන්තරවම වෙහෙස වන්නෙමු.

" සමාජ ජාලා ඔස්සේ රසවින්දන වැඩසටහනක් සඳහා තිබෙන ඉල්ලුම පවත්වාගෙන යාම එතරම් සුඛර කාර්යයක් නොවේ. ඒ තත්ත්වය හමුවේ වුවත් මම මේ වැඩසටහන දකින්නේ ඒ අභියෝගය ජය ගැනීමක් විදියටයි.."

ජේෂ්ඨ කතිකාචාර්යය නන්දසිරි කීඹියහෙට්ටි
රුහුණු විශ්වවිද්‍යාලය
"හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නෑ , බිහිවන නිර්මාණවලට නිසි ඇගයීමක් නෑ කියන සමාජයේ මැසිවිල්ලට ලබා දුන්න සාර්ථක පාලිතුරක් විදියටයි 'ඉදිකඩ' ගී රස වින්දනාත්මක වැඩසටහන මං දකින්නේ.."

විශාරද රොෂානි ගමගේ මහත්මිය
ගායන ශිල්පිනී
"වරතමානයේ හැදෙන සිංහල සුභාවිත ගීත, මේ දැනට තියෙන රැල්ලත් එක්ක ජනගත කරන්න ගොඩක් අමාරුයි. නමුත් මේ වගේ වැඩසටහන් හරහා එම ගීත විචාරයට ලක්වෙන හින්දම ගොඩක් අය ඒ ගීත හොයලා රසවිඳින්න පුරුදු වෙලා තියෙනවා.."

ශෂික සදීප්
ගී පද රචක
"ජන ගී ආශ්රයෙන් හැදච්ච නිර්මාණ ගැන කතා කරන්න වෙලාවක් , ඉඩකඩක් වෙන් කර ගත්තාට සහ තව චිරාත් කාලයක් මේ වැඩසටහන කරගෙන යන්න මගේ ආශිර්වාදය.."

තාරුක ගුණරත්න
ගායන ශිල්පී
"ඉතින් හරි සතුටුයි සුභාවිත ගීත කලාව පෝෂණය කරන්න මේ වගේ තරුණයෝ ගොඩක් එකතු වෙන එකට.."

විශාරද තරිඳු ජයසිංහ
ගායන ශිල්පී
"හරවත් නිර්මාණ යට ගිය මෙවැනි යුගයක ඒ නිර්මාණ අහන ඇසුරු කරන විශ්ෂ්ඨ තරුණ පරම්පාරාවක් බිහිකරන්න මේ මහා කුසල කර්මයට හිස නමා ආචාර කරනවා.. ආදරණීය ඉදිකඩ කාර්යමණ්ඩලයට හදවතින්ම සුභ පතනවා...
තෙරුවන් සරණයි!"

මධුර ලාලක ලංකා
ගායන ශිල්පී









